හලාවත මාදම්පේ පිහිටි තිනපිටිය විහාර භූමියේ ඇති අලංකාර ටැම්පිට විහාරයේ ඉදිකර ඇත්තේ එහිම සඳහන් පරිදි බු.ව.2466 දීය. ගල්කණු විස්සක් මත ඉදිකර ඇති විහාරය හොඳ තත්වයෙන් ආරක්ෂා වී තිබේ. ප්රධාන බුද්ධ ප්රතිමාව දෙපසින් සැරියුත් මහරහතන් වහන්සේගේ හා මුගලන් මහරහතන් වහන්සේගේ ප්රතිමා ද්වයක්ද එය ආසන්නයේ වම් පසින් අයියනායක දේව ප්රතිමාවක්ද දකුණු පස තනිවැල්ලේ දේවතා මණ්ඩාර දේවියන්ගේ රුවක්ද වේ.