මුල් පිටුව පුරාවිද්‍යාත්මක සේවා

පුරාවිද්‍යාත්මක සේවා

 

මහජනයා දැනුවත් කිරීම

  1. ප්‍රකාශන අලෙවිසල
    දෙපාර්තමේන්තු ප්‍රකාශන, පින්තූර කාඩ්, අත් පත්‍රිකා මිලට ගත හැකි ය. අලෙවිසල සෙනසුරාදා, ඉරිදා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර අනෙක් දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.
  2. පුස්තකාලය
    පුස්තකාලය සෙනසුරාදා, ඉරිදා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර අනෙක් දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී. මෙය විමර්ෂණ පුස්තකාලයකි.
  3. සම්මන්ත්‍රණ
    සම්මන්ත්‍රණ සඳහා කරනු ලබන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කළ යුතුයි.

  4. ජංගම ප්‍රදර්ශන
    ප්‍රදර්ශන භාණ්ඩ හා පුවරු ඇතුළත් ජංගම ප්‍රදර්ශනයක් දෙපාර්තමේන්තුව සංවිධානය කරයි.  මේ සඳහා කරනු ලබන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කළ යුතුයි.

ඉහළට

වීඩියෝ/ කැමරා බලපත්‍ර

ඡායාරූප/ වීඩියෝ ගත කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් දින 03 කට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කළ යුතුයි.

ඉහළට

පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ

සංවර්ධන ව්‍යාපෘති වල දී අවශ්‍ය වන පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ සිදු කිරීම සඳහා වන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (ගවේෂණ) වෙත ඉදිරිපත් කළ යුතුයි.

ඉහළට

වාස්තුවිද්‍යා සංරක්ෂණයන් සඳහා ඉල්ලීම්

ස්මාරකවල වාස්තුවිද්‍යාත්මක සංරක්ෂණයන් සඳහා වන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (වාස්තුවිද්‍යා සංරක්ෂණ) වෙත ඉදිරිපත් කළ යුතුයි.

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 22 වෙනි අඟහරුවාදා, 08:55