ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුවිල ගමේ පිහිටා තිබේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී සේරු නමින් රාජ්‍යයක් සේරුවාවිල ප්‍රාදේශයේ පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර කාවන්තිස්ස රජතුමා විසින් මෙහි චෛත්‍යයක් කරවන ලදී. එය සේරුවිල චෛත්‍යය ලෙස හඳුනාගෙන තිබේ. මේ ආශ්‍රිතව පැරණි ගොඩනැගිලි අවශේෂයන් ද පවතී. පැරණි ලෙන්ද ගලෙන් නෙළන ලද බුදුපිළිම දෙකක් ද මෙම ස්ථානයෙන් සොයා ගන්නා ලදි.