මගුල් මහා විහාරය

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ගමේ පිහිටා තිබේ. රුහුණු මහා විහාරය නමින් කාලයක් හැඳින් වූ මෙය ධාතුසේන රජතුමා විසින් කරන ලද්දකි. පසුව ගම්පොළ හතරවන බුවනෙකබාහු හා ‍දැදිගම පස්වන පරාක්‍රමබාහු රජවරුන්ගේ බිසව වූ විහාර මහාදේවි බිසව විසින් දාහතරවන සියවසේ දී මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර තිබේ. එම බිසවට අයත් සෙල්ලිපි දෙකක් මෙම ස්ථානයේ පවතී. විශාල කළු ගල් පුවරු භාවිතයෙන් ඉදිකළ ප්‍රාකාරයකින් වටකරන ලද ප්‍රදේශයේ බෝධිඝරයක්, පිළිම ගෙයක්, දාගැබක්, උපෝසථාගාරයක් මෙහි ගොඩ නගා තිබේ. ප්‍රාකාර බැම්මට පිටින් වටදාගෙයක හා ආසනඝරයක අවශේෂයන් පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:41